ආණ්ඩුවේ කාබනික පොහොර තීන්දුව හේතුවෙන් ගොවි ජනතාව අද සිටින්නේ ඉතාම සතුටින් ,බනින්නෙ කුණුහරැපෙන් – දුමින්ද

0
307

ආණ්ඩුවේ කාබනික පොහොර තීන්දුව හේතුවෙන් ගොවි ජනතාව අද සිටින්නේ ඉතාම සතුටින් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කරයි.

ආණ්ඩුව වෙනුවෙන් ගොවි ජනතාව අද පාවිච්චි කරන්නේ හොඳ වචන නොවන බවද ඔහු පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අයවැය දෙවැනි වර කියැවීමෙි විවාදයට පාර්ලිමේන්තුවේදී එක්වෙමිනි.

කාබනික පොහොර භාවිතය ඉතා හොඳ වැඩක් වුවත් කඩිනමින් මෙම ක්‍රමයට මාරුවීම ගැන බොහෝ දෙනෙකු ප්‍රශ්නයක් ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.

අද තම අස්වැන්න සම්බන්ධයෙන් ගොවි ජනතාවට අවිශ්වාසයක් මතුව ඇති බවත් එම සැකය දුරු කිරීමට ආණ්ඩුවට ශක්තියක් තිබිය යුතු බවත් ඔහු තව දුරටත් එහිදී කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here