පෞද්ගලිකව මම විදුලිය, ගෑස්, පෙට්‍රල්, පානීය ජලය සහනාධාර වලට දෙනවාට විරුද්ධයි – එස්.බී.

0
353

විදුලිය, ගෑස්, ඉන්ධන සහ පානීය ජලය සහනාධාර සහිතව ලබාදීමට තමන් පෞද්ගලිකව විරුද්ධ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

සහනාධාර ලබාදීම යනු එය වෙන කවුරුන් විසින් හෝ ගෙවීමක් බවත් එය සුදුසු නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ. මහජන නියෝජිතයන්ට ලබාදෙන සහනාධාරද කපා හැරිය යුතු බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ. කෙසේ නමුත් මන්ත්‍රීවරුන්ට වාහනයක් අත්‍යවශ්‍ය බවත් සෑම මංගල උත්සවයකටම හා අවමගුල් ආදී කටයුතු සඳහා යා යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී දිසානායක වැඩිදුරටත් සඳහන් කළේ.

“පෞද්ගලිකව මම විදුලිය, ගෑස්, පෙට්‍රල්, පානීය ජලය සහනාධාර වලට දෙනවාට විරුද්ධයි. එහෙම කියන්නෙ මම ඇයි ? අපි පාවිච්චි කරන වතුර බිලට ඇයි තව කවුරුහරි ගෙවන්නෙ ? ඇයි සහනාධාර දෙනවා කියන්නෙ ඒක වෙන කවුරුහරි ගෙවනවා කියන එක. අපි පාවිච්චි කරන පෙට්‍රල්, ඩීසල් වලට වෙන කවුරුවත් ගෙවන්නෙ ඇයි ? ඒක හරිද ? අලාභයක් නැත්නම් මේක හොඳට ලාභ තියෙනවා නම් හොඳයි. අපිට විශාල බරක් ඒක.

පැහැදිලිවම මහජන නියෝජිතයින්ගෙනුත් එහෙම කැපෙන්න ඕනෙ”

එස්.බී. දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (17) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here