එළඹෙන වසරේ සිට රියදුරු බලපත්‍ර ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පැවැත්වීමට සැලසුම් කෙරේ

0
422

රියැදුරු බලපත්‍රය ලබා ගැනීමේදී පැවැත්වෙන ලිඛිත පරීක්ෂණය විභාග දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සිදුකිරීම කෙරෙහි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබේ.

එළඹෙන වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව මෝටර් රථ කොමසාරිස් කාර්යාලයේ උසස් නිලධාරියෙක් සදහන් කළේය.

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීමෙන් පසු විශාල පිරිසක් රියැදුරු බලපත්‍රය ලබා ගැනීම සඳහා ඉල්ලුම් කෙරන බැවින් ඒ ගැන සලකා බලා මෙම තීරණය ගෙන ඇති බවද එම නිලධාරියා කීය.

ඒ අනුව තමන් පදිංචි ප්‍රදේශයේදීම රියැදුරු බලපත්‍රය ලබා ගැනීමට අදාළ ලිඛිත පරීක්ෂණය සඳහා පෙනී සිටීමට අයැදුම්කරුවන්ට අවස්ථාව හිමිවනු ඇත.

එමෙන්ම මීට පෙර නාරාහේන්පිට සහ වේරහැර කාර්යාලවලින් සේවා ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන් කර ගැනීම සදහා වෙන්වූ 0112 677 877 දුරකතන අංකය භාවිතයෙන් ඉවත් කර ඇතැයි ද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here