ප්‍රශ්නගත චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක් මඟින් යළි සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකමි පවසයි

0
339

ප්‍රශ්නගත චීන පොහොර තොගය තුන්වන පාර්ශවයක් මඟින් යළි සාම්පල පරීක්ෂාවකට ලක් කිරීම නීති විරෝධී බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසනවා.එහි ලේකම් මහාචාර්ය උදිත් කේ ජයසිංහ කියා සිටියේ, එම පොහොර තොගය 03 වන පාර්ශවයක සාම්පල පරීක්ෂාවකට ලක් කර, ඉන් පසු ලබා ගැනීම සඳහා සූදානමක් නොමැති බවයි.

මේ අතර, අනුරාධපුර, ඔයාමඩුව සහ සේනානායක මාවතේ පිහිටි කාබනික පොහොර ඇසුරුම් මධ්‍යස්ථාන ඊයේ පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ නිරීක්ෂණයට ලක්වුණා.

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් උතුරු මැද පළාත තුළ මධ්‍යස්ථාන 35කදී කාබනික පොහොර නිෂ්පාදනය සිදු කරනු ලබනවා.

ඒ සඳහා ජපන් ජබර, ගිනිසීරියා, කුකුළු අපද්‍රව්‍ය, වියළි ගොම සහ එප්පාවල රොක් පොස්පේට් අමුද්‍රව්‍ය ලෙස යොදා ගනු ලබනවා.

මහ කන්නය සඳහා කාබනික පොහොර මෙට්‍රික් ටොන් 50,000ක් නිෂ්පාදනය කිරීමටයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන්නේ.

අරැණ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here