දර කපන්නන්ට හොඳ කලක්

0
347

ගෑස් මිල ඉහල යාම සහ වෙළඳපොලේ හිගය මෙන්ම ඉන්ධන මිල ගණන්ද ඉහල යාම හේතුවෙන් වව්නියාවේ දර වෙනුවෙන් ඉහල ඉල්ලුමක් ඇති බවට දර කපන්නන් කියා සිටිති.


වව්නියාව දිස්ත්‍රීක්කයේ මීට පෙර ග්‍රාමීය ප්‍රදේශවලට සහ හොටෙල්, බේකරි නිශ්පාදන ආදි ස්ථාන වෙතට දර සැපයීම සිදු කලද මේ වන විට ගෑස් සහ ඉන්ධන මගින් දෛනික අවශ්‍යතාවන් ඉටුකරගත් නාගරික ජනතාවගෙන්ද විශාල වශයෙන් දර සඳහා ඉල්ලුමක් ඇත.


කෙසේ නමුත් මේ දිනවල පවතින අධික වර්ෂාව හේතුවෙන් ඉල්ලුමට සරිලන අයුරන් දර සැපයීමටද අසීරු කටයුත්තක් වී ඇති නමුත් ඉදිරියේදී තමන්ට දර මගින් හොඳ ආදායමක් උපයාගත හැකි බවටද වව්නියාවේ දර කපන්නන් කියා සිටිති.
වව්නියාව මෙන්ම උතුරේ නාගරික ජනතාව බොහෝ දෙනෙකු මේ වන විට ගෑස් නොමැතිකමින් අපහසුතාවන්ට පත්ව ඇති අතරම බොහෝ දෙනෙකු දර මගින් අවශ්‍යතා සපුරාලීමට උත්සහ ගනිති.


– වන්නි රොමේෂ් මධුෂංඛ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here