ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වෙන්න සූදානම්.. මධ්‍යම කාරක සභාවෙි තීන්දුව තීන්දු කළොත් සූදානමි

0
321

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් එළියට බැසීමට පක්‍ෂ මධ්‍යම කාරක සභාව විසින් හෙට තීන්දු කළහොත් ඊට සූදානම් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ආණ්ඩුවේ සිටින්නේ ද නැද්ද යන්න තීන්දු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට බලයේ දී ඇති බව ද ඔහු පැවසීය.

එහිදී ආණ්ඩුවෙන් ඉවත්වන තීන්දුව ගතහොත් සියළු තනතුරු අතහැර එළියට බැසීමට සූදානමින් සිටින බවද හෙතෙම සඳහන් කලේය.

ගම් මට්ටමේ ශාඛා සමිති සංවිධානය කර ගම් මට්ටමින් එම තීන්දුව ගන්නේ නම් එයට අවනත වීමට පක්ෂයක් ලෙස සූදානම් බවද ඒ මහතා කියා සිටියේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් බල මණ්ඩල රැස්වීමක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here