ආපස්සට යන්නේ නැහැ නම්‍යශීලී වෙන්න සුදානම් – රමේෂ් පතිරණ

0
350


කෘෂිකර්මාන්තය වෙනුවෙන් වැඩිම කැපවීමක් කල ආණ්ඩුව ලෙස එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යනවා මිස එය ආපස්සට හැරවීමට සුදානම් නොමැති බව අමාත්‍ය රමේෂ් පතිරණ පවසනවා.

ඉන්දියාවෙන් පොහොර ආනයනය කිරිමේදි වැඩි මිළකට ඒවා මිළදි ගත් බවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී J.C අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

අනාගත පරම්පරාව වෙනුවෙන් ගත් තීරණයක් ලෙස රසායනික පොහොර භාවිතය තහනම් කිරීම හඳුන්වා දිය හැකි බවයි අමාත්‍ය රමේෂ් පතිරණ කියා සිටියේ.

එය ක්‍රියාත්මක කිරීමේදී නම්‍යශීලී විය යුතු අවස්ථාවලදී නම්‍යශීලී ප්‍රතිපත්තීන් අනුගමනය කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

Live at 8

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here