අධිකරණයට කර ඇති බලපෑමක් පිළිබද හෙළිදරව්වක්.

0
466

හිටපු අගවිනිසුරුවරයා තම තීන්දු සම්බන්ධයෙන් බලපෑම් කළ බවට පකිස්තානයේ හිටපු විනිසුරුවරයෙකු විසින් අනාවරණයක් සිදුකර තිබේ.

එරට ගිල්ගිටි බෝල්ටිස්තාන් පළාතේ හිටපු ප්‍රධාන විනිසුරැ රානා මොහොමඩ් අනාවරණය කර ඇත්තේ පකිස්තානයේ හිටපු අගමැතිවරයෙකු වන නවාස් ෂෙරීෆ් සහ ඔහුගේ දියණිය මාරියම් නවාස්ට අදාළ නඩුවකදී මෙම බලපෑම එල්ල වූ බවයි.

එවන්ෆීල්ඩ් මහල්නිවාස සම්බන්ධ සිද්ධියකට අත්අඩංගුවට ගත් ඔවුන්ව නීතියෙන් බැහැරට යමින් දිගුකාලීනව රදවා තබා ගන්නා ලෙස පකිස්තාන හිටපු අගවිනිසුරු සකීබ් නිසාර් බලපෑම් කළ බව මෙහිදී අනාවරණය කර තිබේ.

කෙසේවෙතත්, මේ වන විට එම අනාවරණය කිරීමට සම්බන්ධ වූ හිටපු විනිසුරැවරයාට සහ මාධ්‍යවේදීන් පිරිසකට අධිකරණය හමුවේ පෙනීසිටින ලෙස පකිස්තානයේ ඉස්ලාමාබාද් මහාධිකරණය විසින්ද නියෝගයක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here