චීනයෙන් පකිස්තානයට ආහාර මලු 30,000ක්.

0
443

චීන රජය විසින් පකිස්තානයේ ගිල්ගිට් බෝල්ටිස්තානයේ වැසියන්ගේ පරිභෝජනය සදහා ආහාර මලු 30,000ක් පරිත්‍යාග කර තිබේ.

මෙම අහාර මලු භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ගිල්ගිටි බෝල්ටිස්තානයේ ප්‍රධාන අමාත්‍ය කාලිඩ් කුර්ෂීඩ් සදහන් කළේ චීනය පකිස්තානයේ හොදම මිතුරා බව යළිත් වතාවක් ඔප්පු කර ඇති බවයි.

චීනය විසින් පකිස්තානයේ විවිධ ණය යෝජනා ක්‍රම යටතේ ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන අතර එහිදී ව්‍යාපෘති ගණනාවක්ම ගිල්ගිටි බෝල්ටිස්තානය තුළ ක්‍රියාත්මක වේ.

කෙසේවෙතත්, එහි ඇතැම් පාර්ශව චෝදනා කරන්නේ චීනය විසින් උපක්‍රමශීලී ලෙස ගිල්ගිටි බෝල්ටිස්තානයේ සම්පත් සූරාකමින් ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here