චීන පොහොර නැවට වන්දි ගෙවන්න සිදුවුණොත් ගනුදෙනුවට සම්බන්ධ අයගේ දේපළ රාජසන්තක කරමින් එය සිදු කළ යුතුයි

0
400

මතභේදයට තුඩුදී ඇති කාබනික යැයි කියන පොහොර රැගත් චීන නැවට මෙරටින් වන්දි ලබාදීමට සිදුවුවහොත් අදාළ වැරදි ගනුදෙනුවට සම්බන්ධ වූ පුද්ගලයන්ගේ පුද්ගලික දේපළ රජයට පවරා ගනිමින් එය සිදුකළ යුතු බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ සඳහන් කළහ.

ලැබී ඇති තොරතුරුවලට අනුව අවසාන නිගමනය ලෙස පෙනෙන්නට ඇත්තේ චීනයෙන් එවනු ලැබූ කාබනික යනුවෙන් හඳුන්වනු ලබන පොහොර නැව මොනයම් ක‍්‍රමයකින් හෝ ශී‍්‍ර ලංකාවට ගොඩබෑමේ තත්ත්වයක් යැයිද උන්වහන්සේ පැවසූහ.

එම නැවෙහි අඩංගු පොහොර මෙරටට ගොඩ නොබෑවත්, මුහුදේ හලා දැමූවත් ඒ සම්බන්ධයෙන්

ශී‍්‍ර ලංකාවට වන්දි ගෙවීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.

චීනය මේ මොහොතේ ශී‍්‍ර ලංකාවට දැඩි බලපෑම් කරමින් තහංචි පනවන බවත්, යම් ආකාරයකින් මෙම පොහොර නැවට අදාළ වන්දිය ශී‍්‍ර ලංකාවෙන් ගෙවීමට සිදුවුවහොත් එය ගෙවිය යුතුව ඇතැයිද උන්වහන්සේ පැවසූහ.

මතභේදයට තුඩුදී ඇති චීන පොහොර නැව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ මේ බව ප‍්‍රකාශ කර සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here