අයවැයෙන් යෝජනා කළ 25% සුපිරි බද්ද ගැන සමාගමි හිමිකරැවන්ගෙන් මැසිවිලි

0
372

රජය මුහුණ දෙන ප්‍රබල ආර්ථික අර්බුදයට යම් විසදුමක් ලෙස වාර්ෂික ආදායම රුපියල් බිලියන 02කට වැඩියෙන් උපයාගත් සමාගම් සහ පුද්ගලයින් මත මෙවර අය – වැයෙන් යෝජනා කර ඇති 25% සුපිරි බද්ද පිළිබඳව සමාගම් හිමිකරුවන් මැසිවිලි නගමින් එය නොගෙවා සිටීමට ආණ්ඩුවට බලකරමින් සිටින බව වාර්තා වේ.

මෙම සමාගම්වල හිමිකරුවන් ලිබරල් ආර්ථික උපාය මාර්ගය තුළ රජයේ පත්කිරීම් සහ වෙනස් කිරීමේ බලය හිමිකර ගෙන, දේශපාලනයේ තිරය පිටුපස ප්‍රභල කාර්යයක නියැලෙමින් සිටීමද රජයට තදින් බලපානු ලබන බව ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙයි.

එක් වසරකට පමණක් සීමා වෙන මෙම බද්දට යටත්ව සිටින්නේ සමාගම් 62ක් වන අතර එයින් අපෙක්ෂා කරන බදු අදායම රුපියල් බිලියන 100කි. මූල්‍ය කේෂ්ත්‍රයේ බැංකු හා මූල්‍ය සමාගම් හැරුණු විට මෙම සමාගම් ගණයට අයත් අනෙක්තු සමාගම් කොරෝන සමයේ අධික ලෙස ලාභ උපයාගෙන ඇති බවද එම විශ්ලේෂකයන් පවසයි. එහෙත් එම ආයතන විසින් සේවක පඩි නඩි පවා නිසි ලෙස ගෙවා නොමැති බවද මූල්‍ය කේෂ්ත්‍රයේ ප්‍රකාශයෙක් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here