තවත් ෆයිසර් මාත්‍රා තොගයක් හෙට දිවයිනට

0
304

තවත් ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 15ක තොගයක් හෙට (22) දිවයිනට රැගෙන ඒමට නියමිත බව ඖෂධ නියාමන හා සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අනිද්දා (23) දිනයේ දී ද ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් ලැබීමට නියමිත බවය.

එමෙන්ම දෙසැම්බර් මාසයේ සිට සෑම සතියකම එන්නත් මාත්‍රා ලක්ෂ 30 බැගින් මෙරටට ලබාදීමට ෆයිසර් සමාගම එකඟතාව පළකර ඇති බව චන්න ජයසුමන රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

මේ අතර පසුගියදා හඳුනාගත් ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ නව උප ප්‍රභේදය තරුණ පිරිස් සහ පාසල් ළමුන් අතර පැතිර යන බවට නිරීක්ෂණය වී ඇති බැවින් නිරන්තරයෙන් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව කටයුතු කිරීම සඳහා ඔවුන් දැනුවත් කළ යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here