අගමැති පුද්ගලික ධනයෙන් අනුරාධපුරයේ පවුල් 100 කට පානීය නල ජල පහසුකම් ලබා දෙයි

0
608

අනුරාධපුර දිස්ත්‍රික්කයේ අඩු ආදායම්ලාභී පවුල් 100ක් සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (19) දින පස්වරුවේ පානීය නල ජල පහසුකම් ලබාදුන්නේය.

නල ජල පහසුකම් ලබාදීම සංකේතවත් කරමින් පවුල් 5ක් සඳහා එම අයිතිය ප්‍රදානය කිරීමේ උත්සවය අනුරාධපුර මිරිසවැටිය රජ මහ විහාරස්ථානයේ දී පැවැත්විණි.

පෙරේදා දිනට යෙදුණ සිය ජන්ම දිනයට සමඟාමීව අඩු ආදායම්ලාභී පවුල් සඳහා අග්‍රාමාත්‍යතුමාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.

රජරට විශ්වවිද්‍යාලයේ කුලපති,මිරිසවැටිය චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල් වැටුණු වැවේ ඥානතිලක නා හිමි, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමි, ආචාර්ය අග්‍රහැර කස්සප හිමි ඇතුළු මහා සංඝරත්නය මෙහි වැඩම කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here