අද කාලගුණය
22.11.2021

0
323

දිවයින ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවය හේතුවෙන් හෙට (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂාකරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද (22) දිනයේ, උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර සෙසු ප්‍රදේශවල යහපත් කාලගුණ තත්ත්වයක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here