බත් පාර්සලයක සහ ප්ලේන්ටියක මිල තවත් ඉහළට

0
340

බත් පාර්සලයක් රුපියල් 20 කින් සහ ප්ලේන්ටියක් රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කළ බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් මහතා සඳහන් කලේ ඒ අනුව බත් පාර්සලයක මිල රුපියල් 20කින්ද තේ කෝප්පයක මිල රුපියල් 05 කින්ද ඉහළ දැමීමට තිරණය කළ බවයි.

ඒ අනුව මෙම මිල ඉහළ දැමීම හෙට(23) සිට ක්‍රියාත්මක බව ඔවුන් සඳහන් කරයි.

කෙසේ වෙතත් කිරි තේ කෝප්පයක මිල ඉහළ නොදමන බව ඔහු සඳහන් කළා.
ආපනශාලා හිමියන්ගේ සංගමය මීට පෙර ද ආහාර පාර්සලයක සහ කොත්තු, ෆ්‍රයිඩ් රයිස්, මෙන්ම තේ සහ කිරි තේ කෝප්පයක මිල ඉහළ දමනු ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here