බුදුදහමට හිමි ප‍්‍රමුඛතාව ගැන අගමැති කාර්යාලයෙන් නිවේදනයක්

0
454

සකස් කිරීමට යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ඇතැම් පිරිස් සංවිධානාත්මකව දුර්මත පතුරවමින් ඇතැයි අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ඒ සඳහා පදනම් කරගන්නා ලියවිල්ලක්වත් තවමත් සකස් කර නොමැති බවයි.

එසේ තිබියදී නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට එක් එක් ආකාරයේ වගන්ති ඇතුළත් කර ඇතැයි පවසමින් පතුරුවා හැරෙන ප‍්‍රචාර මහජනතාව නොමග යැවීමක් බව මෙමගින් අවධාරණය කර තිබෙනවා.

විශේෂයෙන්ම බුදුදහම සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පනවා ඇති වගන්ති සංශෝධනය කිරීමක් සිදුකරන බවට පතුරුවාහැරෙන මත සම්පූර්ණයෙන්ම සාවද්‍ය බව මෙම නිවේදනයේ සඳහන්.

ථෙරවාද බුදුදහම ආරක්ෂාකොට පෝෂණය කිරීමට ආණ්ඩුව නිරන්තරයෙන්ම වගකීම් දරන බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here