Tuesday, November 26, 2024

තමාගේ හමුදා ආරක්ෂාව ඉවත් නොකරන ලෙස ගෝඨාභය ඉල්ලයි..

ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ සමයේ සිටම තමාට මරණීය තර්ජන ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනවා. එම නිසා, තමාට ලබා දී ඇති යුද හමුදා ආරක්‍ෂාව ඉවත් නොකරන ලෙසට තමා වත්මන් ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටි බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊයේ කොළඹ මහාධිකරණ සංකීර්ණයේදී පවසා සිටියා.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේවනතෙක්‌ම තමාට හමුදා ආරක්‍ෂාව ලබාදී ඇති බව එම මහතා සඳහන් කළා. එමෙන්ම, LTTE ත්‍රස්‌තවාදය පරාජය කිරීමට ආරක්‍ෂක ලේකම්වරයා ලෙස සිටි සමයේ තමා යම් මෙහෙවරක්‌ කළ බව ඔහු පෙන්වා දුන්නා. ආරක්‍ෂාවට යොදවා සිටින හමුදා ආරක්‍ෂාව ඉවත් කර පොලිසිය යොදවන බවට ලද තොරතුරු අනුව ඔහු එම ඉල්ලීම කළ බවයි පවසා සිටියේ.

එහිදී මාධ්‍යවේදියක් නැගූ ප්‍රශන්යක් වුයේ, ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ නායකයකු ලෙසින් කටයුතු කිරීමට නිසි ආරාධනාවක්‌ ලැබී තිබේ දැයි ඇසීමයි. පිළිතුරු වශයෙන් ගෝඨාභය මහතා සඳහන් කළේ ” නැහැ තවම නෑ. ඒක කවුරුහරි කරපු ප්‍රකාශයක්‌ විතරයි. මම හිටපු ආරක්‍ෂක ලේකම්වරයා මිසක්‌ දේශපාලනඥයකු නොවේ” යනුවෙනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles