ලෝකයේ බංකොලොත් රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව අංක එකට නම් කරලා

0
336

ලෝකයේ බංකොලොත් රාජ්‍යයන් අතරින් ශ්‍රී ලංකාව අංක එකට නම් කර ඇති බව කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුවේ අයවැය දෙවැනිවර විවාදයට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේය.

“මේ ආර්ථිකය අවිනිශ්චිතයි. ලෝකයේ බංකොලොත් රාජ්‍ය අතරින් අංක එකේ බංකොලොත් රට ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබෙනවා.

කොරෝනා නිසාම නොවේ මේ ආර්ථික අර්බුදය. අද මෙරට විරැකියාව ඉහළ ගිහින්. ආනයන සීමා නිසා උද්ධමනය මාසිකව වැඩි වෙනවා. විදේශ ශ‍්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම සියයට පනහකින් අඩු වෙලා”යැයි මන්ත්‍රීවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here