ශක්‍රයාගේ පුතා හරහා ආනයනය කළ ද දූෂණ සිදු වෙනවා – අමාත්‍ය වාසුදේව නානායක්කාර

0
357

අමාත්‍යාංශ හරහා නොව සක්‍රයාගේ පුතා හරහා ආනයනය කළ ද දූෂණ සිදු වන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

ජාවාරමක් නොවන වෙළදාමක් ලෝකයේ කිසිදු තැනක නැතැයි ද ඔහු පැවසීය.

දැනට ආන්දෝලනයකට ලක්ව තිබෙන නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයේදී වංචාවක් සිදුව ඇත්නම් ජනාධිපතිතුමන් ඊට නිසි පියවර ගනු ඇතැයි ද ඔහු පෙන්වාදෙයි.

ආනයනික ද්‍රව්‍ය විකිණීමේදී මිල තීරණය කරන්නේ මිලදී ගන්නා පාර්ශවය නොව අලෙවි කරන්න කණ්ඩායම බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here