විදේශ සේවා කාර්යංශයේ වරදින් එකොළොස් දෙනෙකුට කොරියන් රැකියා අහිමිවෙයි…

0
468

විදේශ සේවා කාර්යාංශයේ අතපසුව නිසා, දකුණු කොරියාවේ රැකියා අවස්‌ථා ලැබී සිටි එකොළොස්‌ දෙනකුට රැකියා අවස්‌ථා අහිමිව ගොස්‌ ඇත. රැකියා ගිවිසුමට අනුව නියමිත කාලයේදී එරටට යෑවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශ නිලධාරීන් කටයුතු නොකිරීම නිසා මෙම තත්වය ඇතිවී ඇත.

මේ අතපසු වීම නිසා, එම පිරිසට යළිත් රැකියා අවස්‌ථා ලබා ගැනීම සඳහා මුලසිටම කටයුතු සිදුකිරීමට සිදුව ඇති බවයි වාර්තා වෙන්නේ. මෙම පිරිස කොරියානු භාෂා ප්‍රවීණතා විභාගයෙන් සමත් වී අදාළ පුහුණුව හා මුදල් ආදිය පවා ගෙවා තිබී ඇත. නමුත්, ඔවුන් වෙනුවෙන් කාර්යාංශය ඉටුකළ යුතු කටයුතු විදේශ සේවා කාර්යාංශය ඉටුකර නැත.

රැකියා අහිමිවීම සම්බන්ධයෙන් එම පිරිස කොරියානු මානව සම්පත් දෙපාර්තමේන්තුවෙන් විමසා ඇති අතර එහිදී ඔවුන් දැනුම් දී ඇත්තේ ශ්‍රී ලංකා විදේශ කාර්යාංශයේ අතපසු කිරීමක්‌ නිසා එම රැකියා අහිමි වී ඇති බවයි. කාර්යාංශ ආරංචි මාර්ග පවසන අන්දමට, මෙම පිරිසට යළිත් කොරියානු භාෂා විභාගය ලියා මුලසිටම රැකියා ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට සිදුවෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here