කින්නියාහීදි පාලමි පාරුවක් පෙරළීයාමෙන් හහක් මරුට – ළමුනුත් ඒ අතර

0
372

ත්‍රිකුණාමලය , කින්නියා, කුරිඤ්ඤන්කර්නි ප්‍රදේශයේ කළපුවක යාත්‍රා කළ පාරුවක් පෙරළීමෙන් පාසල් ළමුන් ඇතුළු හය දෙනෙකු මරණයට පත්ව ඇති බව පොලිසිය තහවුරු කළා.

අනතුරින් පිරිසක් අතුරුදන්ව ඇති අතර තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ආපදාවට ලක්වී සිටි 17 දෙනෙකු බෙිරාගෙන ඇති අතර ඉන් පාසල් ළමුන් 04 දෙනෙකු ඇතුලු 06 දෙනෙකු මියගොස් තිබෙනවා.

අනතුරට ලක්ව අතුරුදන් වූ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී බලගණය , මැරීන් බලගණය ට අයත් විශේෂ කිමිදුම්  කණ්ඩායම් 8  ම යොදවා ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනකු පමණ ගමන් කර ඇති අතර ඉන් කීපදෙනකු පීනා ගොඩට ඇවිත් ඇතැයි ද දැනගන්නට ඇත.

සිදුවු අනතුරෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති අතර, ඔවුන් මේ වනවිට කින්නියා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව ද වාර්තා වේ.

මේ වනවිටත් පුද්ගලයින් කිහිපදෙනෙක් අතුරුදන්ව ඇති අතර ඔවුන් සොයා නාවික කිමිඳුම්කරුවන් හා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කිමිඳුම්කරුවන් එම ප්‍රදේශයේ මෙහෙයුමක් දියත් කර ඇති බවත් පොලීසිය පැවසීය.

පාසල් ළමුන් හා ගුරුවරුන් පිරිසක් රැගෙන ගමන් කරමින් සිටිය දී අද (23) උදෑසන පාරුව පෙරළී ගොස් තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here