ඇමරිකාවෙි තානාපති වෙන්න මහින්ද සමරසිංහ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

0
347

තව දින කිහිපයකින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ ඇමරිකාවේ සහ මෙක්සිකෝවේ ශ්‍රී ලංකා තානාපති ධුරයේ වැඩ භාරගැනීම සඳහා නියමිතව තිබීම හේතුවෙන්.

ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කළ රවිනාථ ආර්යසිංහ මහතා පසුගියදා එම ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු පුරප්පාඩු වූ ධූරය සදහා මහින්ද සමරසිංහ මහතා මෙලෙස පත්කරනු ලැබුවා.

ඔහු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවට පිවිසීම සදහා සුදුසුකම් ලබා ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ලැයිස්තුවේ මීළඟට සිටින මංජුල ලලිත් වර්ණකුමාරයි.

ඉකුත් මහ මැතිවරණයේදී මනාප 46,542ක් ලබා ගත් ඔහු මදුරාවල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයා ද වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here