පකිස්තානයේ බලහත්කාරී අන්‍යාගමිකකරණයේ වැඩවීමක්.

0
355

පකිස්තානයේ බලහත්කාරයෙන් අන්‍යආගමිකරණය කිරීමේ වැඩවීමක් දක්නට ලැබෙන බව වාර්තා වේ.

එරට සුලු වාර්ගිකයන් පිළිබද කටයුතු කරන ක්‍රියාකාරිකයන් පෙන්වා දෙන්නේ මේ වසරේ ගතවූ කාලසීමාවේදී එවැනි සිදුවීම් 38 ක් පමණ ලාහෝර් ප්‍රදේශයෙන් පමණක් වාර්තා වී ඇති බවයි.

හින්දු, කතෝලික සහ සීක් දැරියන් සංවිධානාත්මක ලෙස පැහැරගෙන ගොස් විවාහය මුවාවෙන් ඉස්ලාම් ආගමට හරවා ගැනීම බහුලව සිදුවන බව එම ක්‍රියාකාරීහු සදහන් කළහ.

මේ අතර , අන්‍යආගමිකකරණය වැළැක්වීමට අදාළව පසුගියදා පකිස්තාන පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු පනත ද සම්මත කිරීමට අවස්ථාව නොලැබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here