එලවළු හිඟය පාර්ලිමේන්තු බත් පතටත් දැනෙයි

0
301

වෙළඳපොලේ මේ දිනවල ඇති වී තිබෙන එලවළු හිඟය සහ මිල අධිකවීම පාර්ලිමේන්තු භෝජනාගාරයට ද තදින් බලපා ඇත.

ඊයේ අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමෙන් පසු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ භෝජනාගාරය සහ ජනමාධ්‍යවේදීන්ගේ භෝජනාගාරයේ කිසිදු එලවළුවක් පිළියෙල කර නොතිබින.

එළවළු මිල අධික වීම සහ වෙළඳ පලේ එළවළු හිග වීම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බව පාර්ලිමේන්තු ප‍්‍රකාශකයෙකු පැවසීය.

එමෙන්ම ඉදිරි දිනවල දිවා ආහාරයට ද එළවළු පිළියෙල කිරීමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයි ඔහු සඳහන් කළේය.

ඊයේ දින පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල භෝජනාගාරයේ සහ ජනමාධ්‍යවේදීන්ගේ භෝජනාගාරයේ දිවා ආහාරයට පිළියෙල කර තිබුණේ බත්, අල බැදුම්, පොල්සම්බෝල, මිට්බොල් කරිය, පිපිඤ්ඤා සලාදයක් සහ දෙල් වෑංජනයක් පමණකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here