කොදෙව් – ශ්‍රී ලංකා ටෙස්ට් තරඟය නැරඹීමට ප්‍රේක්ෂකයන්ට අවසර හිමිවෙයි

0
313

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව අද (24) දිනයේ සිට ප්‍රේක්ෂකයන්ට එම අවස්ථාව හිමි වනවා.

ගාලු ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසක් පමණක් ක්‍රීඩාංගනයට ඇතුළු කර ගැනීමට නියමිත අතර තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් කොවිඩ් මර්දන එන්නතේ මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතු බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

ක්‍රීඩාංගණයට පිවිසෙන දිනයට දින 14කට පෙර දෙවැනි එන්නත ලබා ගෙන තිබීම ද අනිවාර්ය වනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here