Wednesday, November 27, 2024

කප්පම් ගත් සජින් වාස් කොටුවුණු හැටි

කොළඹ ප්‍රදේශයේ දෙමළ ව්‍යාපාරිකයකුට තර්ජනය කර රුපියල් ලක්‍ෂ 300 ක මුදලක්‌ බලහත්කාරයෙන් ලබා ගැනීමේ චෝදනාව මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස්‌ ගුණවර්ධන මහතා ලබන 5 වැනිදා දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (27 වැනිදා) නියෝග කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක්‌ ලබා ගැනීම සඳහා සජින් වාස්‌ ගුණවර්ධන මහතා ඊයේ පෙරවරුවේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අතර එහිදී අදාළ ප්‍රකාශය ලබා ගැනීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

පසුව සජින් වාස්‌ ගුණවර්ධන මහතා කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර තිබේ.

ඉදිකිරීමේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ ව්‍යාපාරිකයකු වන ක්‍රිෂ්ණා සෙල්වනාදන් මහතා විසින් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද පැමිණිල්ලකට අනුව සජින් ද වාස්‌ ගුණවර්ධන මහතාට එරෙහිව විමර්ශනයක්‌ ආරම්භ කර තිබිණි.

කොළඹ කොටුව ජනාධිපති මාවතේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකිරීමේ කටයුතු ක්‍රිෂ්ණා සෙල්වනාදන් මහතා විසින් කරගෙන ගොස්‌ තිබිණි. එම ගොඩනැඟිල්ල ඉදිකරගෙන යැම සඳහා සජින් ද වාස්‌ ගුණවර්ධන මහතා ක්‍රිෂ්ණා සෙල්වනාදන් මහතාගෙන් රුපියල් ලක්‍ෂ 300 ක්‌ බලහත්කාරයෙන් ඉල්ලා ඇති බව ඒ මහතා කළ පැමිණිල්ලේ සඳහන් විය.

පසුව සෙල්වනාදන් මහතා අදාළ මුදල සජින් වාස්‌ ගුණවර්ධන මහතා වෙත ලබාදී තිබිණි. මෙම මුදල් ලබා ගැනීම සිදුවී ඇත්තේ පසුගිය රජය සමයේදීය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles