ලෙඩ්ඩු අමාරුවේ දැමූ තවත් සෞඛ්‍ය වර්ජනයක්

0
375

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව දින දෙකක වැඩවර්ජනයක් අද (24) ආරම්භ කළේය.

ඒ සෞඛ්‍ය සේවයේ උසස් වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමිනි.

වර්ජනය හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණි ජනතාව දැඩි අසීරුතාවයකට පත්වූ බව අප වාර්තාකරුවන් පැවසීය.

වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට එල්ල වූයේ දැඩි බලපෑමකි.

හෙද වෘත්තීය සමිති පැවසුවේ මෙම වර්ජනය පැය 48ක් ක්‍රියාත්මක කරන බවය.

මේ අතර වර්ජනය නිසා අපහසුතාවයට පත්වන රෝගීන්ගේ අත්‍යවශ්‍ය පරීක්ෂණ කටයුතු පුද්ගලික අංශය වෙත යොමු කිරීමටත් ඖෂධ බෙදාහැරීම රාජ්‍ය ඔසුසැල මගින් සිදුකිරීමටත් කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂවරුන් පියවර ගෙන තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here