ඉන්දියාවේ තර්ජනයට පාකිස්තානයෙන් පිළිතුරු

0
324

ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන්නේ නම්, දේශසිමාවේ සිට පමණක් නොව, දේශසීමා හරහා පාකිස්තාන භූමියට ඇතුළු වී පහරදීමට පසුබට නොවන බවට ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං කළ ප්‍රකාශය මුල්කොට ගනිමින් පාකිස්තානයෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

පාකිස්තාන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඉන්දීය ආරක්ෂක ලේකම්වරයා වගකීම් විරහිත ආකාරයට කළ එම ප්‍රකාශය තරයේ හෙළා දකින බවය.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය මුල්කොට ගනිමින් පාකිස්තානයත් ඉන්දියාවත් අතර නව අර්බුදයක් නිර්මාණය වීමට ද ඉඩ ඇතැයි පාකිස්තාන විදේශ අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here