නීති විරෝධීව හොරෙන් නිවසට විදුලිය ගත් මහරගම නගරාධිපති ටිරාජ්ගේ පියා පොලිස් අත්අඩංගුවට

0
369

මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් මහතාගේ පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ නිවසට නීති විරෝධී ලෙස විදුලි බලය ලබා ගත්තේ යැයි චෝදනාවක් මත ඊයේ රාත්‍රියේ ඔහු අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය සඳහන් කරයි.

විශ්‍රාම පොලිස් නිලධාරියෙකු වන අත්අඩංගුවට ගත් පුද්ගලයා හෝමාගම ගලවිල වත්ත මාවතේ පිහිටි තම නිවසට මෙසේ විදුලිය ලබාගෙන ඇත.

නගර සභාපති වරයා පදිංචිව සිටින්නේ ද එම නිවසේ බව පොලීසිය සඳහන් කරයි.

එම නිවස ඉදිරිපිට රාත්‍රී කාලය පුරාම අධිබලැති විදුලි බල්බ දැල්වෙමින් ඇතැයි ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේදී හෙලිව ඇත්තේ ආසන්න විදුලි කණු වලින් හොර රහසේ විදුලි ලබාගෙන ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here