අධර්මිෂ්ට පාලකයිනුයි දුර්දාන්ත භික්ෂුවයි මේ රට විනාශ කරනවා – අත්තන්ගනේ රතනපාල හිමි

0
579

රටේ ස්වාමීන් වහන්සේලා ලාභ සත්කාර අපේක්ෂා කොටගෙන මහණකමත් නැති කර ගන්නා බවත්, වැරදි ආදර්ශ සමාජයට දෙන බවත් මහාචාර්ය අත්තංගනේ රතනපාල නාහිමියෝ පෙන්වා දෙති.

ලාභ අපේක්ෂාව පෙරදැරි කරගත් භික්ෂුව වැරදි දේ සමාජයට අනුශාසනා කරන බවත්, වැරදි නිවැරදි දේ හැටියට පෙන්වා දෙන බවත්, නිවැරදි දේ වැරදි හැටියට පෙන්වා දෙන බවත් උන්වහන්සේ පෙන්වා දුන්හ.

බෝසත් මුහුණ පෙන්වාගෙන මෙම වංචාකාරයන් පෙනී සිටින බවත් උන්වහන්සේ කීහ.

මේ රට විනාශ කළේ අධර්මිෂ්ඨ පාලකයන් සහ දුර්දාන්ත භික්ෂූන් විසින් බවද රතනපාල හිමියෝ කියා සිටියහ.

භික්ෂුව තමන්ගේ කාර්යයභාරය නිවැරදිව කළේ නම් මේ රට යහපත් මාර්ගයට ගත හැකිබවද උන්වහන්සේ කීහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here