පාසල් වෑන් රථයේ පෙම නිසා සිසුවියකගේ ජීවිතය විනාස වෙයි

0
375

වයස අවුරුදු 15ක පාසල් සිසුවියක මව්පිය බාරකාරත්වයෙන් පැහැර ගෙන ගොස් අපහරණය කළ බව කියන පාසල් වෑන් රථ රියදුරෙකු අත්අඩංගුවට ගෙන ඇති බව මාදම්පේ පොලීසිය කියයි.

පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත – කරවිටාගාරය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි විවාහක අයෙකි. අපහරණයට ලක්ව ඇති පාසල් සිසුවිය මාදම්පේ ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබමින් සිට ඇත.

සැකකරු විසින් පැදවූ පාසල් වෑන් රථයෙන් සිසුවිය තම නිවසේ සිට පාසලට පැමිණීම සිදු කර ඇති අතර එහිදී පාසල් සිසුවිය සහ වෑන් රථයේ රියදුරු අතර ප්‍රේම සම්බන්ධතාවය හට ගෙන ඇතැයි සඳහන්ය.

මේ බව දැන ගෙන ඇති දැරිවියගේ මව්පියන් තම දියණියව එම වෑන් රථයේ ගමන් කිරීම නවත්වා ඇත.

පසුගිය 24 වැනිදා පාසල් සිසුවිය සැකකාර වෑන් රථ රියදුරා විසින් කිසියම් ස්ථානයකට කැඳවාගෙන ගොස් ඇති බවට ඇයගේ මව්පියන් විසින් මාදම්පේ පොලීසියට පැමිණිලි කරමින් පවසා තිබේ.

ඒ අනුව සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here