අගමැති ධූරයට පත්වූ ස්වීඩන් අගමැතිවරිය පැය 12 කින් ඉල්ලා අස්වෙයි

0
330

මැග්ඩලීනා ඇන්ඩර්සන්, ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය බවට පත්ව පැය කිහිපයකට පසු ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය – වැය යෝජනාව පරාජයට පත්වීමත් සමඟයි.

අන්ත දක්ෂිණාංශ නියෝජිතයින් සමඟ පළමු වරට ඉදිරිපත් කළ අය වැය යෝජනාව පිළිගත නොහැකි බව ඇය පිහිටවූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහන් කළා.

කතානායකවරයාට ඉල්ලා අස්වීම භාරදීමෙන් අනතුරුව ඇය සඳහන් කළේ තනි පක්ෂයකින් ආණ්ඩුවක් පිහිටුවා ඉදිරියේදී යළි බලයට පත්වන බවයි.

ඒ අනූව ස්වීඩනයට පත්වූ පළමු අග්‍රාමාත්‍යවරිය වන මැග්ඩලීනා ඇන්ඩර්සන්, එම ධුරයේ රැඳී සිටියේ පැය 12 කටත් අඩු කාලයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
(colombotimes.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here