පන්නිපිටියේ් නිවසකත් ගෑස් ටැංකියක් පුපුරා යයි

0
323

පන්නිපිටිය හෝකන්දර ප්‍රදේශයේ නිවසක කිසියම් පිපිරීමක් සිදුව තිබෙනවා.

අද (25) අලුයම සිදුවූ එම පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුව ඇති බවට සැක කරන බව කොට්ටාව පොලීසිය සදහන් කරයි.

ගෑස් කාන්දුවක් හේතුවෙන් මෙම පිපිරීම සිදුව ඇති බවට සැක කරන බවයි කොට්ටාව පොලීසිය සඳහන් කළේ.

අදාළ පිපිරීමෙන් නිවසට දැඩි හානි සිදුව තිබෙනවා.

ගෑස් සිලින්ඩර් හේතුවෙන් පිපිරීම් ගණනාවක් මේ මාසයේ පමණක් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබේ.නොවැම්බර් 04 වැනිදා වැලිගම, කප්පරතොට ප්‍රදේශයේ ආපන ශාලාවක ගෑස් පිපිරීමක්ද නොවැම්බර් 16 වැනිදා රත්නපුර ප්‍රදේශයේ අවන්හලක පිපිරීමක්ද නොවැම්බර් 20 වැනි දින කොළඹ තුරඟ තරග පිටියේ මැක්ඩොනල්ඩ්ස් අවන්හලක ගෑස් පිපිරීමක්ද වාර්තා විය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here