ප්‍රංශයත් බ්‍රිතාන්‍යයත් අතර මුහුදු තීරය තරණය කරන්න ගිය 27 ක් මිය යයි

0
618

කුඩා බෝට්ටුවකින් ප්‍රංශයත් මහා බ්‍රිතාන්‍යයත් අතර මුහුදු තීරය තරණය කිරීමට උත්සාහ ගත් සරණාගතයෝ 27 දෙනෙක් එම බෝට්ටුව ගිලී යෑමෙන් මුහුදට බිලි වූහ.

මියගිය 27 දෙනා අතර කාන්තාවන් පස් දෙනකු සහ කුඩා දැරියන් තිදෙනකු සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ. මෙම සරණාගතයන් පිරිස ප්‍රංශයේ සිට එංගලන්තය දෙසට යද්දී මෙම අනතුරට මුහුණ දී ඇතැයි පැවැසෙයි.

සිද්ධිය වූ සැණින් මාධ්‍ය වාර්තා කළේ 31 දෙනකු මියගිය බවය. කෙසේ නමුත් පසුව එය 27 ලෙස වෙනස් කෙරුණි. ඉංග්‍රීසි ඕඩයේ ගිලී යද්දී එම ඩිංගි බෝට්ටුවේ සිටි 34 දෙනකු සිටි බව රොයිටර් පුවත් සේවය පවසා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here