වැරදි තීරණ ගෙන ගැසට් නිකුත් කළ විට ඒවා ‘රිවස්’ කිරීමට සිදුවනවා – අමාත්‍ය විමල් වීරවංශ

0
333

වැරදි තීරණ ගෙන ගැසට් නිකුත් කළ විට ඒවා ‘රිවස්’ කිරීමට සිදුවන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය. රසායනික පොහොර තහනම් කිරීම පිළිබඳ ගත් තීරණයද එවැන්නක් බව අමාත්‍යවරයා සඳහන් කළේය.

පසට අවශ්‍ය පොහොර වර්ගය ලබාදිය යුතු බවත්, රසායනික පොහොර අවශ්‍ය ප්‍රමාණයට පමණක් පසට එකතු කිරීමෙන් හානියක් සිදුවන නොවන බවත්, ඕනෑම දෙයක් අධි මාත්‍රාවකින් ලබාදීම හානිදායක විය හැකි බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

මෙම තීරණය ගනු ලැබුවේ ගොවියන්ගේ හෝ විපක්ෂයේ උද්ඝෝෂණ අනුව නොවන බවත්, එය ආණ්ඩු පක්ෂයේ අභ්‍යන්තරයේම ඇති වූ සාකච්ඡාවක ප්‍රතිඵලයක් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here