පන්නිපිටිය නිවසේ පිපිරීම ගෑස් කාන්දුවක් නිසා සිදූවුවක් බව රජයේ රස පරීක්ෂකවරයා නිගමනය කරයි

0
317


පන්නිපිටිය විද්‍යාල හන්දිය ප්‍රදේශයේ නිවසක ඊයේ (26) සිදුවූ පිපිරීම ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදුවූවක් බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කළ බව පොලිසිය අද (26) පැවසීය.

නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය සඳහන් කළේ රජයේ රස පරීක්ෂකවරයා එම නිවසට කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව මෙම නිගමනයට පැමිණි බවයි.
ඊයේ (25) පෙරවරුවේ මෙම පිපිරීම සිදුව තිබේ. පිපිරීමෙන් ජීවිත හානි කිසිවක් සිදුවී නොමැති බව පොලිසිය පවසයි.
පසුගිය දා දිවයින පුරා ගෑස් කාන්දුවීම් සම්බන්ධ පිපිරීම් දාමයකින් ව්‍යාකූලතා ඇති විය. පාරිභෝගිත අධිකාරියෙහි හිටපු අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා සිලින්ඩරවල ගෑස් සංයුතියේ වෙනසක් හේතුවෙන් පිපිරීම් සිදුවන බවට චෝදනා කළද ගෑස් සමාගම් සහ රජය එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here