වත්මන් රජය යටතේ දැන් කුකුළු මස් පිටරටත් යවනවා අපට දැන් බිත්තර අතිරික්තයකුත් තියෙනවා – මහින්දානන්ද

0
608

වත්මන් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ රජය යටතේ මේ වනවිට ශ්‍රී ලංකාව කුකුළු මස් අපනයනය කරමින් සිටින අතර රට සතුව බිත්තර අතිරික්තයක් ද පවතින බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

“අපි අද කුකුළු මස් අපනයනය කරන තත්වයට ඇවිල්ලා, අපි අද අපනයනය වෙළඳපොලක් හදලා, අද බිත්තර අතිරික්තයක් අපට තියෙනවා, ඒ නිසා ඒ පශූ සම්පත් ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇතිකරන්න අපි කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම 2024 වෙනකොට මේ රටේ දියර කිරිවලින් 80%ක් ස්වයංපෝෂණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා, ඒ සඳහා අපි වැඩපිළිවෙල කරගෙන යනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ගොවි විශ්‍රාම වැටුප, හිටපු ජනාධිපතිතුමා ආරම්භ කරපු ගොවි විශ්‍රාම වැටුප තමුන්නාන්සෙලා කප්පාදු කළා. නැවත ගොවියාට ගොවි විශ්‍රාම වැටුප හදපු ආණ්ඩුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවයි. 

ඒ විතරක් නෙවෙයි අපේ රටේ හැමදාම අවශ්‍ය කුකුළු මස් ටික අපට තිබුණෙ නෑ. ගරු ඇමතිතුමාගෙ අමාත්‍යාංශය යටතේ අපි අද කුකුළු මස් අපනයනය කරන තත්වයට ඇවිල්ලා, අපි අද අපනයනය වෙළඳපොලක් හදලා, අද බිත්තර අතිරික්තයක් අපට තියෙනවා, ඒ නිසා ඒ පශූ සම්පත් ක්ෂේත්‍රයේ දැවැන්ත වෙනසක් ඇතිකරන්න අපි කටයුතු කරලා තියෙනවා. 

ඒ විතරක් නෙවෙයි අපනයන වෙළඳපොලක් එළවලු, පළතුරු ක්ෂේත්‍රයේ හරියට තිබුණෙ නෑ. අද වෙනකොට අපි අපනයන වෙළඳපොලක් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ හදලා තියෙනවා.”

මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අමතමිනි. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here