ඇමති චන්ද්‍රසේන හා ඔහුගේ සහෝදරයා හා ඔහුගේ බිරිද ඉන්ධන දීමනා තිබියදී තවත් ලක්‍ෂ 80ක ඉන්ධන රජයෙන් අරන් – අධිකරණයේ නඩු

0
583

උතුරු මැද පළාත් සභාවේ හිටපු මහ ඇමති එස් එම් රංජිත් මහතා සහ ඉඩම් අමාත්‍යවරයාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය තම වැටුපට අමතරව රුපියල් ලක්‍ෂ 80ක ඉන්ධන උතුරු මැද පළාත් සභා අරමුදලින් ලබා ගත් බවට චෝදනා එල්ලවී තිබේ.

ඒ සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අල්ලස් කොමිසම විමින් ගොනුකර තිබූ චෝදනාවලින් අදාල විත්තිකරුවන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කර ඇත.

ඒ අනුව එම නඩුව ලබන වසරේ පෙබරවාරි මස 07 වැනිදා විභාග කිරීමට නියම කර තිබේ.

ඉඩම් අමාත්‍ය මධ්‍ය එස් එම් චන්ද්‍රසේන මහතාගේ බිරිඳ වන ශාන්ති චන්ද්‍රසේන මහත්මිය උතුරු මැද පළාත් සභාවේ මහ ඇමතිවරයාගේ පෞද්ගලික ලේකම්වරිය වශයෙන් කටයුතු කර කර ඇති බවද අධිකරණයේදී හෙළි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here