ඇෆ්ගනිස්තානයේ කාන්තා සහ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂක කරන ලෙස ලෝකයට බලකරමින් ඔස්ට්‍රියානුවන් වියානාහිදී උද්ඝෝෂණයක් පවත්වා තිබේ.
විදෙස් වාර්තා සදහන් කළේ, ඔස්ට්‍රියානු වාමාංශික පක්ෂය සංවිධානය කළ මෙම උද්ඝෝෂණයට ඇෆ්ගනිස්තානයේ ඩයස්පෝරා සාමාජිකයන් විශාල පිරිසක් ද එක්ව සිටි බවයි.
ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ අධ්‍යාපන සහ රැකියා කිරීමේ අයිතිය තහවුරැ කරන ලෙස විරෝධතාවයට එක්ව සිටි පිරිස මෙහිදී අවධාරණය කළහ.
ඇෆ්ගනිස්තානයේ සංක්‍රාන්ති ලිංගිකයන්ගේ ආරක්ෂාව පිළිබද අවධානය යොමු කරන ලෙසද විරෝධතාකරුවෝ මෙහිදී අන්තර්ජාතික ප්‍රජාවට අවධාරණය කළහ.