පාර්ලිමේන්තුවට එන්නෙ කුලියට ගත් වාහනවලින්,ඒනිසා වාහන බලපත‍්‍ර දෙන්න – පසුපෙල මන්ත‍්‍රීවරැ යලිත් ඉල්ලති

0
272

තමනට වාහන බලපත්‍ර ලබාදීමට ඉක්මනින් කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් නැවතත් ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් කතානායක වරයා ඔවුන්ට පෙන්වා දී ඇත්තේ පවතින ආර්ථික තත්වය යටතේ තවත් වසර කිහිපයක් ඒ සඳහා බලා සිටීමට සිදු ඇති බවයි.

කොරෝනා ව්‍යාප්තියත් සමග මෙරටට වාහන ආනයනය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇති අතර මන්ත්‍රීවරුන්ටද බදු රහිත වාහන බලපත්‍ර නිකුත් කිරීමද ඒ සමගම අත්හිටුවනු ලැබීය.

මේ හේතුවෙන් තමනට අසාධාරණයක් සිදු වූ බව පාර්ලිමේන්තුවේ පසුපෙළ නවක මන්ත්‍රීවරු දිගින් දිගටම සඳහන් කරති.

ඇතැමුන් සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තු පවා එන්නේ කුලියට ගත් වාහනවලින් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here