රට මුහුණ පා ඇති අර්ථික අර්බුදය හමුවේ ඉන්ධන මිල පාලනය කිරීම සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීම කාලෝචිත නොවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පවසයි.
ඔහු පවසන්නේ වෙළෙඳපොලේ භාණ්ඩ හිඟයක් පවතින අවස්ථාවක මිල සූත්‍රයක් ඉදිරිපත් කිරීම මගින් ජනතාව තවත් අපහසුතාවට පත්වනු ඇති බවය.
ඉන්ධන මිල පාලනය කිරීමට වඩාත් සුදුසු විකල්පය මිල සූත්‍රයක් හඳුන්වාදීම වුවද එය සුදුසු නොවන අවස්ථාවක ඉදිරිපත් කිරීමෙන් ඵලක් නොවනු ඇති බව මහාචාර්ය සිරිමල් අබේරත්න මහතා පැවසුවේය.
“තෙල් මිල පාලනය කරන්න අපි කාටවත් බෑ. මොකද ඒක ලෝක වෙළෙඳපොලේ තීරණය වන මිලක්. අද තියන තෙල් මිල මීට මාස 18කට කලින් තියෙන තෙල් මිලත් එක්ක සංසන්දනය කරනකොට හතර ගුණයකින් විතර වැඩි වෙලා තියෙන්නේ. මේ වගේ අවස්ථාවක තෙල් මිල පාලනය කරගෙන අඩු මිලට තෙල් ලබාදීම කරන්න පුලුවන් දෙයක් නෙමේ. ලෝකයේ අනෙකුත් රටවල් අනුගමනය කරන ඥානවන්ත ප්‍රතිපත්තිය තමයි මිල සූත්‍රයකට අනුව ලෝක වෙළෙඳපොලේ තියෙන මිලට දේශීය වෙළෙඳපොලේ තෙල් සැපයිම. එතකොට දිනපතා හෝ සතිපතා එහෙම නැත්නම් මාස් පතා තෙල් මිල වෙනස් වෙනවා. මේක අපිට හොඳ ක්‍රියාමාර්ගයක් වුණත් මේ නරකම අවස්ථාවේ දී තමයි අපිට ඒ ක්‍රියාමාර්ගයට යනවා නම් යන්න වෙන්නේ. හේතුව දේශීය වෙළෙඳපොලේ භාණ්ඩවල හිඟයක් තියෙනවා. උද්ධමනය වැඩි වෙලා තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ වගේ අවස්ථාවක තෙල් මිල සූත්‍රයක් හඳුවාදීම අපේ රටට අපේ ජනතාවට එයින් ඇති වන බර තවත් වැඩි වෙනවා.”