මෙිරටින් යන මිනිස්සුන්ට වඳින්න ඕනේ – ජොන්ස්ටන්

0
302

මෙරටින් විදේශගත වන්නන් එසේ යන්නේ රට අතහැර නොවන බවයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නේ. ඔහු පවසන්නේ එලෙස විදෙස් ගතවන අයට වැඳිය යුතු බවයි.

කටුගම්පොල, ආඬිගමවත්ත ඇස්පෝල්ට් පූර්ව මිශ්‍රණ යන්ත්‍රාගාරයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.මගනැගුම ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගම මගින් එහි සංවර්ධන කටයුතු සිදුකර ඇත.මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීම ඊයේ (27) සිදුකෙරිණි.

එහිදී අදහස් පළ කළ ඇමතිවරයා,

“දූෂිත රජයක් දූෂිත නායකයෙක් කියලා ගෝඨාභය රාජපක්ෂ මහතාට කාටවත්ම ඇඟිල්ල දික් කරන්න බැහැ. බොරු කියන්න මඩ ගහන්න ලේසියි. ඒකට තමයි අනුර දිසානායකගෙයි ප්‍රේමදාස මහත්තයාගෙයි කල්ලි ඉන්නේ. විපක්ෂයේ ඇට නැති දිව දැන් නැමිලාමයි තිබෙන්නේ මඩ ගහන්න සහ බොරු කියන්න. පසුගිය දා කිව්වා රටේ පෙට්‍රල් ඩීසල් නැති වෙනවා කියලා. රටේ ඉන්ධන හිඟයක් ඇති වුනේ නැහැ.

“රට දාලා මිනිස්සු යනවා කියලා විපක්ෂය මතයක් ගොඩ නැගුවා. නමුත් මේ යන්නේ යුරෝපයට යන මිනිස්සු නෙමෙයි. රට යන මනුස්සයාට වඳින්න ඕනේ. එයාලගෙන් එන ඩොලර් ටික නිසා තමයි මේ රටට තෙල් ටික වුණත් ගෙන්න ගන්නේ. ඒ මිනිස්සුන්ටත් අපහාස කෙරුවා රට අත්හැරලා යනවා කියලා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here