මහවැලි ගඟට වැටුණු මෝටර් රථයේ සිටි පුද්ගලයාගේ සිරැර සොයා ගැනේ

0
442

මහනුවර – ගුරුදෙණිය මාර්ගයේ ඉලුක්මෝදර ප්‍රදේශයෙන් මහවැලි ගගට වැටුණු මෝටර් රථය සිටි පුද්ගලයාගේ සිරුර මේ වනවිට සොයාගෙන තිබේ.

එම මෝටර් රථය මීට සුළු වේලාවකට පෙර සොයාගෙන තිබුණි.

අදාළ පුද්ගලයා ගුරුදෙනිය, මාළිගාතැන්න ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකි.

අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් තිදෙනෙකු මෝටර් රථයේ සිට ඇති අතර ඉන් බේරීමට සමත් වූ දෙ‍දෙනෙකු මීට පෙර මහනුවර මහා රෝහලට ඇතුළත් කෙරුණි.

කුඩා ප්‍රමාණයේ මෝටර් රථයක් වූ එය පෙරළෙන අවස්ථාවේදී රියදුරු සහ තවත් අයෙක් එලෙස ඉන් පිටතට පැන දිවි ගලවාගෙන තිබුණි.

මෙම මෝටර් රථය ඊයේ (27) මධ්‍යම රාත්‍රී 12.00ට පමණ ඉලුක්මෝදර ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ඟගට පෙරළී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here