Wednesday, November 27, 2024

මානව ප්‍රාග්ධන දර්ශකයේ ශ්‍රී ලංකාව ඉදිරියට

ලෝක ආර්ථික සංසදය විසින් ගණනය කරනු ලබන ලෝක මානව ප්‍රාග්ධන දර්ශයේදී පසුගිය වසරට සාපෙක්ෂව පියවර 10ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව මෙම වසරේදී සමත්ව තිබෙනවා.

ඒ අනුව ලෝක මානව ප්‍රාග්ධන දර්ශකයේදී රටවල් 130ක් අතරින් ශ්‍රී ලංකාවට මෙවර 50 වැනි ස්ථානය හිමිව තිබේ. 2015 වසරේදී රටවල් 124කින් ශ්‍රී ලංකාවට හිමිවූයේ 60 වැනි ස්ථානයයි.

ශ්‍රී ලංකාවේ ඒ ඒ වයස් කාණ්ඩයන්හි අධ්‍යාපන මට්ටම, ඔවුන් ආර්ථිකයට කරන දායකත්වය, අධ්‍යාපනයේ ගුණාත්මක තත්ත්වය, කුසලතා ආදී සාධක කිහිපයක් යොදා ගනිමින් මෙම දර්ශකය ගණනය කරනු ලබයි.

දර්ශකයේ පළමු ස්ථානයේ ෆින්ලන්තය පවතින අතර ඉන්දියාවට හිමිව ඇත්තේ 105 වැනි ස්ථානයයි. චීනය, දකුණු අප්‍රිකාව, සවුදි අරාබියාව, ඉන්දුනීසියාව, කටාර්, ආජන්ටිනාව, වියට්නාමය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය වැනි රටවල් ශ්‍රී ලංකාවට පසුපසන් සිටියි.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles