ජපුරේ භික්‍ෂු නේවාසිකාගාරයේ වැඩ සිටින ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 31 නමකට කොරෝනා

0
449

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ භික්‍ෂු නේවාසිකාගාරයේ වැඩ සිටින ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 31 නමකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සැක පළ වී තිබෙනවා.

විශ්ව විද්‍යාල පාලන අධිකාරිය පැවසුවේ විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ සිටි ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේ 11 නමකට පළමුව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වූ බවයි.

මේ වනවිට සංඝාවාසය තුළ භික්‍ෂූන් වහන්සේ 60 ක් පමණ වැඩ වාසය කරන අතර ඉන් 31 නමකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටයි මේ වනවිට සැක පළ වී ඇත්තේ. ඒ අනුව උන්වහන්සේ රැදී සිටින සංඝාවාසය නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here