මහජන උද්ඝෝෂණවලට එරෙහි නීති දැඩි කිරීමට පකිස්තානයේ බලුකිස්තාන ප්‍රාන්තයේ බලධාරීන් පියවර ගෙන තිබේ.
ඒ අනුව මහජන රැස්වීම් තහනම් කර ඇති අතර මාර්ගයේ පවත්වන උද්ඝෝෂණද තහනම් කර ඇතිබව එරට වාර්තා කියයි.
පසුගිය දිනවල බලුකිස්තාන ප්‍රාන්තයේ මහජන විරෝධතා රැසක් වාර්තා විය.
ඒ අතරින් වැඩිම උද්ඝෝෂණ සංඛ්‍යාවක් වාර්තා වූයේ චීන ආයෝජන ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක ග්වාඩර් වරාය ව්‍යාපෘතියට එරෙහිවයි.
එමගින් තමන්ගේ ආර්ථික ,සමාජ,සංස්කෘතික මෙන්ම සිවිල් අයිතිවාසිකම් ද අහිමි කරනු ලැබ ඇතැයි බලුකිස්තාන වැසියෝ චෝදනා කරති.