තෙල් සංස්ථාවට ඇමරිකානු සමාගමකින් ඩොලර් මිලියන දෙදහස් පන්සියයක ණය මුදලක් ලබා ගැනීමට ඛනිජතෙල් ඇමතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ගත් බවත්, කැබිනට් අනුමැතිය ලැබුණු එම ණය මුදලේ පොලිය සියයට තුනක් වුවද කොමිස් මුදල සියයට හතක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී හෙළි කළේය.
මේ තරම් අශිෂ්ට ලෙස මෙවැනි ගනුදෙණු සිදුවන්නේ ඩොලර් මිලිය 3400ක් රජයේ ප්‍රධාන බැංකු දෙකට ණය වී රාජ්‍ය බැංකු දෙකත් අස්ථාවර කිරීමේ බිහිසුණු අවදානමට තෙල් සංස්ථාව පත් වී ඇති වටපිටාවක බව කී මන්ත්‍රීවරයා ජාත්‍යාන්තර බැංකුවක සියයයට තුනක රක්ෂණයකින් තොරව ඛණිජ තෙල් සංස්ථාවේ ණයවර ලිපි පිළිනොගන්නා තරම් රටත් සංස්ථාවත් ලෝකය හමුවේ බංකොලොත් වී ඇති විට මෙවැනි ගනුදෙණු සිදුවීම පිළිබඳව ඇතිවන්නේ දැඩි කම්පාවක් බව කීවේය.
“ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත දිගුකාලීන ඇමරිකානු ඩොලර් ප්‍රතිමූල්‍යකරණ පහසුකමක් ලබා ගැනීම. “ යන තේමාව යටතේ ඉදිරිපත් වූ එම කැබිනට් පත්‍රිකාව පෙන්වූ මන්ත්‍රීවරයා එහි පොලී අනුපාතය සියයට තුනක් ලෙසත්, ණය සම්පාදන ගාස්තු සහ වෙනත් කළමනාකරණ ගාස්තු ණය මුදලින් සියයට හතක් ලෙස දක්වා ඇති ආකාරය පාර්ලිමේන්තුවේ පෙන්වා දුන්නේය.