ගමේ ශ්‍රීලනිප පාක්‍ෂිකයා තවමත් මහින්දත් එක්‌කයි.. අපි ළගදිම එකතු වෙනවා” – ඉසුර දේවප්‍රිය

0
328

ගමේ ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයා තවමත් සිටින්නේ මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ කියන සත්‍ය අකමැත්තෙන් වුවත් අපිට පිළිගන්නට සිදුවන බව බස්‌නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා පැවසීය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු තාමත් මහින්ද මහතා සමඟ සිටියත් ඔවුන් අපි සමඟ සහයෝගයෙන් වැඩ කරනවා යෑයි ද හෙතෙම කීය.

ගමේ මිනිස්‌සු තාම මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොරව හිත හදාගන්න කැමති නැහැ යෑයි ද හෙතෙම ප්‍රධාන ඇමැති කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඊයේ (24 දා) පැවසීය.

එදා මැයි දිනයේදී ගාල්ලට පැමිණියෙත් කිරුළපනට පැමිණියේත් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් බවද දෙගොල්ලොම එකතු වුවහොත් තුනෙන් දෙකක බලයකින් ජයගත හැකි බවද කී මහ ඇමැතිවරයා ඉදිරියේදී අපි සියලු දෙනාම එකතු වී මැතිවරණයට මුහුණ දෙන බවද කියා සිටියේය.

වැඩි කාලයක්‌ යාමට පෙර ඒකාබද්ධ විපක්‍ෂය හා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය එක්‌වන බවද දේවප්‍රිය මහතා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here