ඉන්දියාවත් තුන්වන මාත්‍රාවකට සැරසේ. COVID19 Vaccination

0
350

ඉන්දියානු වැසියන්ට කෝවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් වන තීරණය තවත් සති දෙකක් තුළ ප්‍රකාශයට පත්කරන බව එරට සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඔමික්‍රොන් නම් නව කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර ඒ අනුව තුන්වන එන්නත් මාත්‍රාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බව පැ⁣වසේ.

දැනට කරන ලද මූලික පරීක්ෂණවලදී ඉන්දියානුවන්ට මූලිකව ලබාදෙන කොවැක්ෂින් සහ කොවිෂීල්ඩ් යන එන්නත් දෙකම ඔමික්‍රොන් ප්‍රභේදය පාලනය කරන බවට හදුනාගෙන ඇතැයිද ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු සදහන් කරති.

ඉන්දියාව දැනටමත් කොරෝනා එන්නත් මාත්‍රා කෝටි 121 ක් පමණ ලබාදී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here