හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට පස්වන ඉන්දීය සාගර සමුළුවට ආරාධනයක්

0
355

ලබන දෙසැම්බර් 03 වනදා සිට 05 වනදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05 වන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වන ලෙස හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමාටද ආරාධනා කර ඇත.

”පරිසරය,ආර්ථිකය,වසංගතය ”මෙවර සමුළුවේ තේමාවයි.ඉන්දියන් සාගර කලාපයේ දේශගුණික විපර්යාස වල වර්ධනය සමඟ තර්ජනයන්ට මුහුණ දීම කෙසේද යන්න පිළිබඳව මෙම සමුළුවේ දී වැඩිදුරටත් සාකච්ජා කෙරේ .

ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්දියන් සාගර සමුළුවේ හිටපු සභාපතිවරයා වන අතර 2016 සිට 2019 දක්වා කාලයේ එම ධුරය දරන ලදී ,
හිටපු අග්‍රාමාත්‍යවරයා ලබන දෙසැම්බර් 05 වනදා සමුළුව ඇමතීමට නියමිතයි.

එමෙන්ම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා සහභාගී වන 05 වන ඉන්දීය සාගර සමුළුවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා,ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය S. ජයශංකර් සහ සිංගප්පුරු විදේශ කටයුතු අමාත්‍ය V. බාලක්‍රිෂ්ණන් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here